ලියනවා කියලා ඉතිං අනං මනං ලියන එකේ තෙරුමකුත් නැහැනේ නේද? ඔන්න ඔය නිසාම නොමිලේ දෙන වෛරස අයින් කරගන්න විදියක් ගැන ටිකක් කතා කරන්න හිතුවා...
අද නම් කතා කරන්න යන්නේ අපේ ලෝකල් ප්‍රොඩක්ට් එකක් ගැන නමුත් ඒක එක විදිහක ඇණයක් වැඩ කරගන්න ගියාම, ඔව් අපි හැමෝටම වගේ මේක දැනටමත් ලැබිලා ඇති නෙලැබුනු අයටත් ලැබෙන්න පුලුවන්, සමහරෙක් මේක මොකක්ද කියලා දැනගෙන ඉවත් කරන්න ඕන ක්‍රමයත් දන්නවා ඇති නේද? කමක් නැහැ නොදන්න අයට බලාගන්නත් එක්ක මම මේ පෝස්ට් දාන්නම්...
අපි ගොඩාක් දෙනෙකුගේ පරිගණක වලට පෙන් ඩ්‍රයිව්ස් වලින් හරි වෙනයම් ක්‍රමයකින් හරි ඇතුලුවෙලා ජාතික කොඩියක් විදියට පරිගණක තිරයේ හැම වෙලාවෙම පෙනී ඉන්න වැඩසටහන අයින් කරගන්න මම භාවිතා කල උපක්‍රමය තමයි මේන්න මේක......
මේ වෛරස්(ඇත්තටම මේක වෛරස් එකක්ම නෙවෙයි) එක ඇතුල් වුණු පරිගනකයක මුලින්ම කරන්න තියෙන්නේ Task manager වලට ගිහින් Processes tab එක යටතේ තියෙන Explorar.exe file එක සිලෙක්ට් කරලා End Process button එක ක්ලික් කරලා මෙයාගේ ඇක්ටිව් file එක නවත්තන්න ඕන නැත්නම් මෙයාව අයින් කරන්න අමාරුයි!( විශේෂ: not Explorer.exe)
ඊට පස්සේ කරන්න තියෙන්නේ පුංවි වැඩ දෙක තුනක් විතරයි!මෙතන ඉදලා මම ඉංග්ලිෂ් වලින් ම ලියන්නම් ඒක හැමෝටම හොදයි!....හි...හි
start --> Run ----type "regedit" --> Enter
Expand the Following key up to the mentioned Location
HKEY_LOCAL_MACHINE -->SOFTWARE-->Microsoft-->Windows-->Current Version-->Run-->
මෙතනට ගියාට පස්සේ කරන්න තියෙන්නේ බොහොම සිම්පල් වැඩක්
Delete the Regkey named "SYS1"/"SYS1"/"SYS" (to delete a registry key >>> Right Click on the key --> Delete-->yes)
හරි මෙතනදී කියන්න ඕන වැදගත් දේ තමයි මේ මම කියලා තියෙන නම් වෙනස් වෙන්න පුලුවන් කියන එක, ඒ වගෙ වෙලාවට බලන්න ඕන Explorar.exe කියන file එක තියෙන්නේ මොන රෙජිස්ට්‍රි කී එකේද කියන එක, ඒක බලාගන්න පුලුවන් ලේසිම ක්‍රමය තමයි රේජිස්ට්‍රියේ ඩේටා යටතේ අවසානය දක්වාම කී එක රීඩ් කරගෙන යෑම.......ඒක හොයාගෙන ඒ කී එක රෙජිස්ට්‍රියෙන් මකලා දාන්න ඕන,
අන්තිමට කරන්න තියෙන්නේ අපේ පරිගනකයේ හැංගිලා ඉන්න සේරම ගොනු අපිට බලාගන්න පුලුවන් විදියට folder options වලට ගිහින් සෙටින්ග්ස් හදාගන්න එක.....(ඒක කරන විදිහත් මම කියන්නම්)
open my computer --> Tools--> folder options..--> View tab--> (tick )Show hidden files & Folders--> under this there are two more option that you must unchecked 1.Hide extension for known file type, 2.Hide protected operating system files --> then Apply -->ok ,
මෙතනින් එහාට කරන්න තියෙන්නේ බොහොම පහසු වැඩක්
open Drive C:\
Expand the Location mentioned : C:\Windows\System32 and Delete the file "Explorar.EXE
(Note: මේන්න මේක එහෙම ඩිලිට් කරන්න හිතන්නවත් එපා Explorer.exe )
දැන් අවසාන වශයෙන් පරිගණකය නැවත පණගන්වන්න ඕන, ඊට පස්සේ බලන්න ඔය කියන වෛරස් එක(විහිලුව) ඔයාලගේ පරිගනක වලින් ඉවත් වෙලා තියේවි......
(විශේෂ: අපේ වැඩේ ඉවරවුනාට පසුසේ අපි අර හැංගුන ගොනු බලන්න කරපු දේ නැවත පෙර ආකාරයටම සකස් කරන්න)
මේක කරගෙන යනකොට මොනව හරි ප්‍රශ්නයක් ආවොත් කියන්න මම උදව් කරන්නම්....
පරිගනකයේ හිටිගමන් "Folder Options" කියන මෙනු එක නැති වුනොත් එහෙම ආයෙම ඒක තිබුනු ආකාරයට සකස්කර ගන්නේ කොහොමද කියන එක ගැනයි මම අද කතා කරන්නේ...
ඇත්තටම මේක සිද්දවෙන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියනවා ඉන් බොහෝවිට වැදගත් වෙන් අපි කවුරුත් දන්නා හදුනන වෛරස වලින් සිදුවෙන බලපෑම... වෛරස් නිර්මාපකයන් බොහෝ විට උත්සහ කරන්නේ ඔවුන්ගේ වැඩසටහන හැකිතරම් රහසිගතව පවත්වාගෙන යාමටය, එම නිසා ඔවුන් "Folder Options" මෙනු එක අයින් කරලා දානවා,ප්‍රතිවෛරස වැඩසටහනකින් වෛරසය ඉවත් කලත් එම පරගණක තුල වෛරස වැඩසටහනේ අතුරු ප්‍රතිඵලයක් විදිහට මේ වගේ අපිට වුවමනා මෙනුස් ගොනු ආදිය නොපෙනී යාමට පුලුවන්,
මේ විදියට "Folder Options" නැතිවෙලා ගියොත් අපිට හරි පාඩුවනේ වෙන්නේ? මොකද අපි හංගලා තියාගෙන ඉන්න ගොනු අපිට බලා ගන්න බැරි වෙනවානේ ඉතිං ඒකට පිළියමක් විදියට පුංචි අයිඩියා එකක් තමයි මම මේ ලියන්නේ.....
start --> Run-->type "gpedit.msc" -->enter
ඔය ක්‍රමයට කමාන්ඩ් කලාම ඔයාලට "Group policy" සකස් කරන වින්ඩෝ එකට යන්න පුලුවන්, ඊට පස්සේ පහත සදහන් කරන විදියට අපට අවශ්‍ය policy එක expand කර ගන්න....
then under "user Configuration" expand the following location ---> Administrative template-->Windows component -->Windows Explorer --> Right Click on "Removes The Folder Options menu Item from the Tools Menu" and select "Disable" --Apply -->Ok
මේ විදිහට කලොත් ඔයාලගේ වෛරසය පරිගනකයෙන් ඉවත් වෙලානම් (එහෙම කිව්වේ දැනට මේ හා සම්බන්ධ වෛරස වැඩසටහන තවමත් ක්‍රියාකාරී තත්වයේ නොමැතිනම්) ඔයාලට පුලුවන් නැවතත් "Folder Options" මෙනු එක බලාගන්න.... බොහොම කෙටියෙන් ලියන්නයි උත්සහ කලේ නමුත් ටිකක් වැඩියි වගේ නේද? නමුත් ඉතිං මේක කරන්න යනකොට ඔයාලට මුහුණදෙන්න වෙන ඕනම ගැටලුවකට උදව් කරන්න මම සූදානම්.....බලන්නකෝ මේක සාර්තක ක්‍රමයක්ද කියලා....
හැමෝටම අදුරගන්න පහසුවෙන්න පින්තූරයකුත් එකතු කලා මේ පොස්ට් එකට....

මෙම ලිපිමාලාවේ කිහිප තැනකදීම අපි උත්සහ කලේ කිසිම ප්‍රතිවෛරස වැඩසටහනක් භාවිතා නොකර මෙම වෛරස එසේත් නැතිනම් අපේ පරිගණක තුලට නොදැනීම ඇතුල් වෙලා අපටම වින කරන මෙම විනාශකාරී පරිගනක වැඩ සටහන් ඉවත් කීරීම සම්බන්ධවයි, මගේ මුලිකම අදහස නම් අප සාමාන්‍යයෙන් හොද මට්ටමේ ප්‍රතිවෛරස වැඩ සටහනක් භාවිතාකල යුතුය යන්නය ඊට හේතුව ලෙස මා දකින්නේ බොහෝමයක් වෛරස අපට නොදැනීම අපගේ පරිගනක තුල ස්ථාපනය වීමයි, එසේ ස්ථාපනය වු සමහර වෛරස් වැඩසටහන් මගින් අපට දැනගත හැකි ප්‍රමාණයේ ආපදාවක් අපට නොසිදුවන නමුදු ඒමගින් අපගේ පරිගනකය හා සම්බන්ද සියලුම තොරතුරු තුන්වෙනි පාර්ශවයක් වෙත ලැබීමට හැකියාව ඇත.
අපගේ පරිගනකය හා සම්බන්ධ තොරතුරු ලෙස ඉහතදී මා සදහන් කලේ අප අන්තර්ජාලය හා සම්බන්ධ කටයුතු වලදී භාවිතා කරන මුර පද, අපගේ පුද්ගලික තොරතුරු, බැංකු කටයුතු සදහා අප භාවිතා කරන විවිධාකාර වු රහස් වචන යනාදියයි, මීට අමතරව අපි නිතර භාවිතා කරන අපගේ ඊ මේල් ලිපිනයන් ඒවායේ මුර පද හා අපේ මිතුරු මිතුරියන්ගේ ඊ මේල් ලිපිනයන්ද, පරිගනකයට ඇතුල්වීම සදහා භාවිතා කරන රහස් පදයද, මේ වගේ විශාල වශයෙන් අපගේ පුද්ගලික තොරතුර අන් අය අතට පත්වීම සිදුවේ.මීට අමතරව විවිධාකාර වු අනිසි ප්‍රතිපල මෙම වෛරස නිසා උදාවිය හැකිය.
අන්තර්ජාලය හා සම්බන්ධ නොවන පරිගනක වල තත්වය මීට වඩා වෙනස් වේ, ඊට හේතුවනුයේ එම වෛරස වල ක්‍රියාකාරීත්වය සදහා අත්‍යවශ්‍යය අන්තර්ජාල සම්බන්ධතාවය නොමැතිවීමයි. මෙවැනි අවස්ථාවල පරිගනකය තුලින් මෙම වැඩ සටහන් ඉවත් කීරීම පහසුය.
කිසිම අවස්ථාවක පරිගනක වෛරස ඇතුලු වු පරිගනකයන් අන්තර්ජාලය හා සම්බන්ධ නොකල යුතුය ඊට හේතුව එය අන්තර්ජාලය හා සම්බන්ධ කල විගස මෙම වෛරස නිර්මාපකයන්ගේ අදහස ඉෂ්ඨ වීමය. අප වෛරසය ඉවත් කිරීමෙන් අනතුරුව පරිගනකය අන්තර්ජාලය හා සම්බන්ධ කිරීම කල හැක නමුත් ආරක්ෂාකාරී පිළිවෙතක් ලෙස අනිවාර්යෙන්ම ප්‍රතිවෛරස වැඩසටහනක් භාවිතා කිරිම කල යුතුය..මීට අමතරව "Firewall" වැඩ සටහනක් භාවිතයද ඉතාම වැදගත්ය........
මුල් ලිපිවල සදහන් කල ආකාරයට අපට බොහෝ වෛරස වැඩසටහන් අපගේ දැනුම මෙහෙයවා පරිගනකයෙන් ඉවත් කල හැකිය... මේ සදහා ඔබට ඇතිවන ගැටලු මා වෙත යොමුකරන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපියෙන් මා අදහස් කලේ පරිගණක වෛරස ගැන සැහැල්ලුවට සිතීම අපට අවාසිදායක බව සදහන් කිරීමටය...මගේ මීලග ලිපියෙන් පෙන් ඩ්‍රයිව්ස් මගින් පරිනකයට ඇතුල් වන වෛරස වලින් බේරිලා ඉන්නේ කොහොමද කියලා කතාකරන්න බලා පොරොත්තු වෙනවා... මෙහිලා මා සදහන් කල කරුණු කාරනා වලට අමතරව තවත් බොහෝ වැදගත් යැයි හැගෙන කරුණු ඇත, නමුතු ලිපිය පත්තරයක්ම වෙන නිසා ඉතා කෙටියෙන් සදහන් කලෙමි. ඔබගේ අදහස් , යොජනා , හා අත්දෑකිම් සදහන් කරනමෙන් කාරුණිකව ඉල්ලාසිටිමි....
ගොඩාක් දවසකින් පස්සේ අල වෙලා තිබුණ වැඩ ටිකක් ඉවර කර ගත්තා, ටිකක් විතර ඔලුව නිදහස් ඔන්න ඉතින් නිදහස් කියපු ගමන් එක එක විදියේ වැඩ මතක් වෙන්න ගත්තා පළවෙනි එක තමයි මේ බ්ලෝග් එකට පෝස්ට් දැම්මේ නැහැ කියන අයිඩියා එක. ඉතින් තීරණය කලා මොනවා හරි පෝස්ට් කරන්න,...වෛරස් වලට අදාලවා (මගේ ආසම වැඩේනේ)
අපි ඔයාලා හැමොටම වගේ ආබාධයක් වෙලා තියෙන මේ පේන් ඩ්‍රයිව්ස් වලට එන එක එක විදියේ වෛරස් වලින් අපි පහසුවෙන්ම බේරෙන්නේ කොහොමද කියලා බලමු...(මේක කොටස් වශයෙන් දාන්නම් නැත්තම් අග මුල මැද නැති වෙයි )
01. පෙන් ඩ්‍රයිව් එකේ තියෙන් දත්ත හිටි හැටියේම නොපෙනී යාම....
::පරිගණකයට පෙන්ඩ්‍රයිව් එක කනෙක්ට් කල ගමන් එයා ඔටෝරන් වෙලා ඔපන් කරන්නද කියලා ඇහුවොත් ඒක කැන්සල් කරලා දාලා , මයිකොම්පියුටර් එක ඕපන් කරලා මම මේ කරන විදියට කලෝත් ඔයාලගේ හැංගිලා තියෙන දත්ත ගොනු ටික ආපහු ගන්න පුලුවන් වේවි....
වින්ඩෝස් එක්ස්‍ප්ලෝරාර් හරහා ඩ්‍රයිව් එක ඕපන් කරගන්න.
මෙතනදී පෙන් ඩ්‍රයිව් එකේ අඩංගු දත්ත මොනවද කියලා අපිට බලා ගන්න පුලුවන් නමුත් වෛරස මගින් හානියක් සිදුවෙලා නම් සමහර විට මේ පේන්න තියෙන්නේ අපේ නියම ගොනු හෝ දත්ත නොවෙන්නත් පුලුවන් ඒ නිසා මෙතනදී ගොඩාක් සැලකිලිමත් විය යුතු වෙනවා.
උදාහරණයක් විදියට අපි ගොනුවක් සදහා භාවිතා කරපු නම්න්ම ඒ ආකාරයේම ගොනු පේන්‍ඩ්‍රයිව් ක තුල ගැටලුවකින් තොරව දිස් විය හැකියි, නමුත් පරික්ෂා කිරීමේදී අපිට බලාගන්න පුලුවන්(ගොනුවේ ධාරීතාවය, වර්ගය ආදිය මගින්) මෙය අපි භාවිතා කල ගොනුව නොවන බව. මීට හේතු වන්නේ මෙම වෛරස මගින් අපි නිර්මාණය කරන ලද දත්ත වලට හා ගොනුවලට අනුරූපව එයාගේම වෛරස ගොනු නිර්මාණය කීරීමයි. (නමුත් මේවා සියල්ලක්ම පාහේ *.exe එක්ස්ටෙන්ෂන් එකක් සහිත ගොනුය) මෙවැනි ෆයිල් මත ඩබල් ක්ලික් කිරීමෙන් හෝ ඕපන් කිරීමකින් අපි එම වෛරසය අපේ පරිගණකයේද නොමිලයේම ස්ථාපනය කර ගැනීම සිදු කරනවා. (එමනිසා මෙවැනි සැක සහිත කිසිම අවස්ථාවක එම ෆයිල්ස් ඩබල් කිරීමෙන් හෝ විවෘක කිරීමේන් වලකින්න. ) නියම ලෙස යාවත්කාල කල ප්‍රති වෛරස වැඩසටහනක් මගින්ද මෙවැනි වෛරස බොහොමයක් ඉවත් කර ගත හැකිය. එසේ නොමැති නම් පහත සදහන් ආකාරයට කටයුතු කරන්න...
01.01 - පරිගණකයේම ඇති ඔප්ෂන් භාවිතා කරගෙන වෛරසය ඉවත් කිරීම.....
මේ සදහා අපට පරිගණකයේ ෆෝල්ඩර් ඔප්ෂන් විධානය භාවිතා කරන්න පුලුවන්. මුලින්ම පෙන්ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කරලා -මයිකොම්පියුටර් ඕපන් කරලා මේ කියලා තියෙන විදිහට කරලා බලන්න (ඔබේ පරිගණකය වෛරස මගින් ආසාධනය වී නොමැති නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක)
Open My computer > Tools > Folder Options > View tab > Show hidden files and folders (under Hidden files & folders) > unchecked "Hide extensions for known file types" & "Hide Protected Operating system files" (if it will ask to confirm just click "yes") > Apply > Ok
ඔය ටික ඉවර වුනාට පස්සේ පෙන් ඩ්‍රයිව් එක එක්ප්ලෝරාර් හරහා ඕපන් කරලා බලන්න(කිසිම විටෙක ඩ්‍රයිව් එක මත ඩබල් ක්ලික් නොකරන්න) දැන් අපිට අර හැංගිලා තිබුනු ෆයිල්ස් ෆෝල්ඩර්ස් සියල්ලක්ම බලා ගන්න පුලුවන් , මේ අතර ඔයාලට හම්බවෙයි Autorun.inf / Autorun.ini වගේ ෆයිල් එකක් මෙන්න මේ ෆයිල් එක පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කරලා දාන්න. ඊ ලගට බලන්න අපි භාවිතා නොකරන *.exe /cmd/batch / වගේ ෆයිල් එකක් හෝ කිහිපයක් තියනවද කියලා, මේ වගේ ඒවා තියනවා නම් එවාද පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කරලා දාන්න. මේ ටික කරලා ඉවර වුනාට පස්සේ අපිට පුලුවන් අපේ හැංගිලා තිබුණු ගොනු හෝ ෆයිල්ස් ගැන හොයලා බලන්න (සමහර විට අපේ ෆයිල්ස් වල නම් වලින්ම වෛරසය තියෙන්නත් පුලුවන් එම නිසා ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක ඔපන් කරන්න කලින් රයිට් ක්ලික් කරලා වත්කම් ගිහින් බලන්න මේක මොන ටයිප් එකේ ෆයිල් එකක්ද කියලා)
(මේ තියෙන්නේ කරන්න ඕන ටික)
(ප්‍රෝපර්ටීස් ගියාම ෆයිල් ටයිප් එක බලාගන්න)
මේ විදිහට ගිහින් බැලුවාම ඒවා *.exe (Application) නම් (අපි භාවිතා නොකරන) ඒවාද ඉවත් කර දමන්න. මේ ආකාරයට ඩ්‍රයිව් එක සම්පුර්ණයෙන්ම ක්ලීන් කරලා ඉවර වුනාට පස්සේ පරිගණකයෙන් ඩිස්කනෙක්ට් කර නැවත පරිගනකයට සම්බන්ධ කරන්න (මේ වන විටත් ඔබේ ගොනු සම්පුර්ණයෙන්ම නිරාවාරණය කරගෙන නැති බැවින් එක්ප්ලෝරාර් හරහාම ඕපන් කර බලන්න) ඔබේ පරිගණකය වෛරස මගින් ආසාධන වී නැගි නම් දැන් අපිට අපේ හැංගිලා තිබුණු දත්ත පරික්ෂා කල හැක ...... වැදගත් : මෙහිදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ අපි සියලුම ගොනු පෙනෙන ආකාරයට පරිගණකයේ සැකසුම් කර ඇති බැවින් පරීගණකයේ ක්‍රීයාකාරීත්වයට කෙලින්ම යොදාගන්නා ෆයිල්ස්ද අපිට නිරාවරණය වෙයි නමුත් මේ කිසිම ෆයිල් එකක් ඔබේ පෙන්ඩ්‍රයිව්ස් එකේ නොමැත බොහෝවිට මෙම ෆයිල්ස් තිබෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකේය(c:\ ) කේසේ වෙතත් වැඩිදුර පිරිසිදු කිරීමේ අරමුණෙන් මෙවැනි ෆයිල්ස් මකා දැමීමෙන් වලකින්න
01. පෙන් ඩ්‍රයිව් එකේ තියෙන් දත්ත හිටි හැටියේම නොපෙනී යාම....
මේක අපි ගොඩ දෙනෙක්ට මුහුණ දෙන්න වුන ගැටලුවක් කිව්වෝත් මා නිවැරදියි කියලා හිතනවා. මේකෙදී වෙන්නේ ඔටෝරන් විධානයක් එක්ක පුංචි වෛරසයක් (විවිධ නම් වලින්) පරිගණකයේ ස්ථාපිත වීමයි. මෙවැනි වෛරසයක් ඇතුලු වු පරිගණකයට පෙන්ඩ්‍රයිව් එකක් සවි කල විගසම මෙම වෛරසය එම පෙන්ඩ්‍රයිව් එකටද කොපි වෙනවා. මේ ආකාරයට පරිගණකයෙන් පරිගණකයට බොහොම ඉක්මනට මෙයා ව්‍යාප්ත වෙනවා. බොහෝ වෙලාවට මෙම වෛරසය සහිත පෙන්ඩ්‍රයිව්ස් වලට ඇතුලත් කරන දත්ත අපිට පෙන්නේ නැහැ(හැම වෙලාවෙම නොවෙයි) ඒ වගේ වෙලාවට කරන්න පුලුවන් පහසුම දේයක් ගැන මම දැන් කියන්නම්(මේක මමනම් කිසිම ගැටලුවක් නැතිව භාවිතා කරනවා)
::පරිගණකයට පෙන්ඩ්‍රයිව් එක කනෙක්ට් කල ගමන් එයා ඔටෝරන් වෙලා ඔපන් කරන්නද කියලා ඇහුවොත් ඒක කැන්සල් කරලා දාලා , මයිකොම්පියුටර් එක ඕපන් කරලා මම මේ කරන විදියට කලෝත් ඔයාලගේ හැංගිලා තියෙන දත්ත ගොනු ටික ආපහු ගන්න පුලුවන් වේවි....
වින්ඩෝස් එක්ස්‍ප්ලෝරාර් හරහා ඩ්‍රයිව් එක ඕපන් කරගන්න.
මෙතනදී පෙන් ඩ්‍රයිව් එකේ අඩංගු දත්ත මොනවද කියලා අපිට බලා ගන්න පුලුවන් නමුත් වෛරස මගින් හානියක් සිදුවෙලා නම් සමහර විට මේ පේන්න තියෙන්නේ අපේ නියම ගොනු හෝ දත්ත නොවෙන්නත් පුලුවන් ඒ නිසා මෙතනදී ගොඩාක් සැලකිලිමත් විය යුතු වෙනවා.
උදාහරණයක් විදියට අපි ගොනුවක් සදහා භාවිතා කරපු නම්න්ම ඒ ආකාරයේම ගොනු පේන්‍ඩ්‍රයිව් ක තුල ගැටලුවකින් තොරව දිස් විය හැකියි, නමුත් පරික්ෂා කිරීමේදී අපිට බලාගන්න පුලුවන්(ගොනුවේ ධාරීතාවය, වර්ගය ආදිය මගින්) මෙය අපි භාවිතා කල ගොනුව නොවන බව. මීට හේතු වන්නේ මෙම වෛරස මගින් අපි නිර්මාණය කරන ලද දත්ත වලට හා ගොනුවලට අනුරූපව එයාගේම වෛරස ගොනු නිර්මාණය කීරීමයි. (නමුත් මේවා සියල්ලක්ම පාහේ *.exe එක්ස්ටෙන්ෂන් එකක් සහිත ගොනුය) මෙවැනි ෆයිල් මත ඩබල් ක්ලික් කිරීමෙන් හෝ ඕපන් කිරීමකින් අපි එම වෛරසය අපේ පරිගණකයේද නොමිලයේම ස්ථාපනය කර ගැනීම සිදු කරනවා. (එමනිසා මෙවැනි සැක සහිත කිසිම අවස්ථාවක එම ෆයිල්ස් ඩබල් කිරීමෙන් හෝ විවෘක කිරීමේන් වලකින්න. ) නියම ලෙස යාවත්කාල කල ප්‍රති වෛරස වැඩසටහනක් මගින්ද මෙවැනි වෛරස බොහොමයක් ඉවත් කර ගත හැකිය. එසේ නොමැති නම් පහත සදහන් ආකාරයට කටයුතු කරන්න...
01.01 - පරිගණකයේම ඇති ඔප්ෂන් භාවිතා කරගෙන වෛරසය ඉවත් කිරීම.....
මේ සදහා අපට පරිගණකයේ ෆෝල්ඩර් ඔප්ෂන් විධානය භාවිතා කරන්න පුලුවන්. මුලින්ම පෙන්ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කරලා -මයිකොම්පියුටර් ඕපන් කරලා මේ කියලා තියෙන විදිහට කරලා බලන්න (ඔබේ පරිගණකය වෛරස මගින් ආසාධනය වී නොමැති නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක)
Open My computer > Tools > Folder Options > View tab > Show hidden files and folders (under Hidden files & folders) > unchecked "Hide extensions for known file types" & "Hide Protected Operating system files" (if it will ask to confirm just click "yes") > Apply > Ok
ඔය ටික ඉවර වුනාට පස්සේ පෙන් ඩ්‍රයිව් එක එක්ප්ලෝරාර් හරහා ඕපන් කරලා බලන්න(කිසිම විටෙක ඩ්‍රයිව් එක මත ඩබල් ක්ලික් නොකරන්න) දැන් අපිට අර හැංගිලා තිබුනු ෆයිල්ස් ෆෝල්ඩර්ස් සියල්ලක්ම බලා ගන්න පුලුවන් , මේ අතර ඔයාලට හම්බවෙයි Autorun.inf / Autorun.ini වගේ ෆයිල් එකක් මෙන්න මේ ෆයිල් එක පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කරලා දාන්න. ඊ ලගට බලන්න අපි භාවිතා නොකරන *.exe /cmd/batch / වගේ ෆයිල් එකක් හෝ කිහිපයක් තියනවද කියලා, මේ වගේ ඒවා තියනවා නම් එවාද පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කරලා දාන්න. මේ ටික කරලා ඉවර වුනාට පස්සේ අපිට පුලුවන් අපේ හැංගිලා තිබුණු ගොනු හෝ ෆයිල්ස් ගැන හොයලා බලන්න (සමහර විට අපේ ෆයිල්ස් වල නම් වලින්ම වෛරසය තියෙන්නත් පුලුවන් එම නිසා ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක ඔපන් කරන්න කලින් රයිට් ක්ලික් කරලා වත්කම් ගිහින් බලන්න මේක මොන ටයිප් එකේ ෆයිල් එකක්ද කියලා)
(මේ තියෙන්නේ කරන්න ඕන ටික)
(ප්‍රෝපර්ටීස් ගියාම ෆයිල් ටයිප් එක බලාගන්න)
මේ විදිහට ගිහින් බැලුවාම ඒවා *.exe (Application) නම් (අපි භාවිතා නොකරන) ඒවාද ඉවත් කර දමන්න. මේ ආකාරයට ඩ්‍රයිව් එක සම්පුර්ණයෙන්ම ක්ලීන් කරලා ඉවර වුනාට පස්සේ පරිගණකයෙන් ඩිස්කනෙක්ට් කර නැවත පරිගනකයට සම්බන්ධ කරන්න (මේ වන විටත් ඔබේ ගොනු සම්පුර්ණයෙන්ම නිරාවාරණය කරගෙන නැති බැවින් එක්ප්ලෝරාර් හරහාම ඕපන් කර බලන්න) ඔබේ පරිගණකය වෛරස මගින් ආසාධන වී නැගි නම් දැන් අපිට අපේ හැංගිලා තිබුණු දත්ත පරික්ෂා කල හැක ...... වැදගත් : මෙහිදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ අපි සියලුම ගොනු පෙනෙන ආකාරයට පරිගණකයේ සැකසුම් කර ඇති බැවින් පරීගණකයේ ක්‍රීයාකාරීත්වයට කෙලින්ම යොදාගන්නා ෆයිල්ස්ද අපිට නිරාවරණය වෙයි නමුත් මේ කිසිම ෆයිල් එකක් ඔබේ පෙන්ඩ්‍රයිව්ස් එකේ නොමැත බොහෝවිට මෙම ෆයිල්ස් තිබෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකේය(c:\ ) කේසේ වෙතත් වැඩිදුර පිරිසිදු කිරීමේ අරමුණෙන් මෙවැනි ෆයිල්ස් මකා දැමීමෙන් වලකින්න
අපි කලින් ලිපියෙදි කතා කලේ වෛරස් ආසාධනය නොවුන පරිගණකයකට පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කර (වෛරස ආසාධනය වු) වෛරස් ඉවත් කරන ආකාරයයි. දැන් අපි කතා කරන්න යන්නේ යම් හෙයකින් පරිගණකයටද වෛරස් ආසාධනය වී තිබුනොත් අපි මොකක්ද කල යුත්තේ අපේ දත්ත ආරක්ෂා කරගන්න, අපි බලමු අපිට මොනවද කරන්න පුළුවන් කියලා මේකට.
01. කලින් ලිපියෙහි සදහන් ආකාරයට ෆෝල්ඩර් ඔප්ෂන් සකස් කලද හිඩ්න් ෆයිල්ස් නොපෙන්විම....
මෙම තත්වයට පිළියමක් විදියම අපිට පුළුවන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් භාවිතා කරලා මේ වැඩේ කරගන්න, මෙන්න කමාන්ඩ් ටික
Start > Run> Type " CMD" > ok > Type "cd\" >Enter > type the Drive Letter ("F:", "D:" ) > Enter > type "attrib -s -h" (just for Files Only) or type "attrib /s /d -s -h"(for all files and Folders) > Enter .......
මේක භාවිතා කරන්න පුළුවන් පෙන් වලට විතරක්ම නෙවෙයි ඕනම ඩ්‍රයිව් එකක හැංගිලා තියෙන ෆයිල්ස් ෆෝල්ඩර්ස් එලියට ගන්න මේ කමාන්ඩ් එක භාවිතා කරන්න පුළුවන්... හැබැයි මම අර කලින් කිව්වා වගේ සිස්ටම්ස් ෆයිල්ස් මකන්න උත්සහ කරන්න එපා මේ කමාන්ඩ් එක වින්ඩෝස් ඩිරෙක්ටරිය තියෙන ලොකේෂන් එකේ භාවිතා කලොත් අපි නොදන්න ගොඩාක් ෆයිල්ස් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි ඒත් ඒවා මකන්න එපා හොද දැනුමක් වින්ඩෝස් ගැන නොමති නම්....
කෙටිකරලා ලියන්න කියලා බැලුවේ හැබැයි දිගටම ලියවුනා... ඔයාලත් මේ වගේ දේකට මුහුණ දිලා තියෙනවනම් උත්සහ කරලා බලන්නකෝ වැඩේ සාර්ථකයිද කියලා....

No comments:
Post a Comment