
අලුත් වර්ශන් එකේ නම් ෆොන්ට් එකේ සයිස් එක හදා ගන්න වෙනවා..මොකද ටිකක් පේනවා අඩුයි.. ඒකට කරන්න තියෙන්නේ..Option - Settings - General වල Subtitle Font size එක 11 වැනි අගයක් ලබා දීම.. මෙන්න මේකේ තියෙන වැඩ ටිකක්.... ලොකුම වාසිය තමා සබ් ෆයිල් එකේ ලයින් හරහා ඇරෝ කීස් යොදා ගෙන ඉක්මණට ඉහලට පහලට යන්න පුලුවන් වීම..මෙහිදී ටයිම් ලයින් ටික සෙලෙක්ට් නොවීම නිසා ඉක්මණින්ම සිංහල උපසිරස යෙදූ ලයින් මෙහි ඇති Text ෆයිල් බොක්ස් එක තුලට පේස්ට් කර ගන්න පුලුවන් වේ.. සබ් ෆයිල් වචන වලට විවිධ වර්ණ ලබා දීමට හැකි වීම.. ඒ වගේම ෆොන්ට් වලට Bolt, Italic, Underline ලබා දීමට හැකි වීම.. විවිධ ඉෆෙක්ට් වර්ග Karaoke Effect, Type writer Effect ලබා දීමෙන් සබ් ෆයිල් එකට අලංකාරයක් ලබා දෙන්න පුලුවන් වීම.. සබ් ෆයිල් Join, Split කර ගැනීමට හැකි වීම.. එමෙන්ම වීඩියෝ එකත් සබ් යොදන අතරතුරේ බලා ගන්න හැකි වීම..ඒකට කරන්න තියෙන්නේ Video ගිහින් මුලින්ම අවශ්‍ය වීඩියෝ ෆයිල් එක Open කර ගැනීම..ඊට පසුව Video මෙනු එකේම පහලින් ඇති Show hide video විධාන සක්‍රීය කර ගැනීම...මේමගින් හුගක් ලේසි වේවි මොක්ද නිතරම වීඩියෝ එකයි සබ් එකයි වචන වල තේරුමයි ගලපන්න ගියහම හුගක් වෙලාව යනවනේ..මේ ක්‍රමය නිතරම භාවිතා කර උපසිරස ලියන්න කියලා මම ඔයාලට කියන්නේ..එතකොට වැරදි අඩු පාඩුත් හුගාක් දුරට අඩු කර ගන්න පුලුවන් වේවි.. මීට අමතරව විශාල වැඩ කොටසක් ඔබට මෙමගින් කර ගන්නට පුලුවන් වේවි...පොඩ්ඩක් අතපත ගාලා බලන්න :)
No comments:
Post a Comment