Methsoft

සිංහල උපසිරස දානවද..?මෙන්න ක්‍රම

දැන් හුග දෙනෙක් ‍ෆිල්ම් වලට සිංහල උපසිරස දානවනේ.හුග දෙනෙක් කරන්නේ සිංග්ලිශ් වල ටයිප් කරලා නෝට් පෑඩ් එකේ පේස්ට් කරන එක තමයි...ඒකත් වැරදි නැහැ..මමත් මුල් දවස් වල කලේ එහෙම තමයි..ඒත් මට තේරුනා එහෙම කරනකොට ටයිම් ලයින් එකත් හදීසියේ ඩිලීට් වෙන්න තියෙන ඉඩකඩ වැඩිය කියලා..ඊට පස්සේ ජංජාලේ හෙව්වා හෙව්වා ඒත් හිතට ‍ෆිට් වෙන සොෆ්ට් එකක් ලැබුනේ නැහැ..ඒත් එක දවසක් අහම්බෙන් ලැබුන SubtitleEdit සොෆ්ට්වෙයාර් එක නම් මැක්සා කියලා තේරුනා...මොකද සබ් එකට හුගක් වැඩ කෑලි මේකෙන් දාන්න පුලුවනි. මුලින්ම මේ වෙබ් පි‍ටුවට ගිහින් SubtitleEdit බාගන්න...මේකේ වර්ශන් 2 කක් ඇති කැමති එකක් බා ගන්න..අලුත් එකේ (Subtitle Edit 3.0 RC4) නම් ඉන්ටර්ෆේස් එක ගති... මේක පෝර්ටබල් නිසා කරදර අඩුයි...ඉක්මනින්ම වැඩ කරගෙන යන්න පුලුවනි..


 අලුත් වර්ශන් එකේ නම් ෆොන්ට් එකේ සයිස් එක හදා ගන්න වෙනවා..මොකද ටිකක් පේනවා අඩුයි.. ඒකට කරන්න තියෙන්නේ..Option - Settings - General වල Subtitle Font size එක 11 වැනි අගයක් ලබා දීම.. මෙන්න මේකේ තියෙන වැඩ ටිකක්.... ලොකුම වාසිය තමා සබ් ෆයිල් එකේ ලයින් හරහා ඇරෝ කීස් යොදා ගෙන ඉක්මණට ඉහලට පහලට යන්න පුලුවන් වීම..මෙහිදී ටයිම් ලයින් ටික සෙලෙක්ට් නොවීම නිසා ඉක්මණින්ම සිංහල උපසිරස යෙදූ ලයින් මෙහි ඇති Text ෆයිල් බොක්ස් එක තුලට පේස්ට් කර ගන්න පුලුවන් වේ.. සබ් ෆයිල් වචන වලට විවිධ වර්ණ ලබා දීමට හැකි වීම.. ඒ වගේම ෆොන්ට් වලට Bolt, Italic, Underline ලබා දීමට හැකි වීම.. විවිධ ඉෆෙක්ට් වර්ග Karaoke Effect, Type writer Effect ලබා දීමෙන් සබ් ෆයිල් එකට අලංකාරයක් ලබා දෙන්න පුලුවන් වීම.. සබ් ෆයිල් Join, Split කර ගැනීමට හැකි වීම.. එමෙන්ම වීඩියෝ එකත් සබ් යොදන අතරතුරේ බලා ගන්න හැකි වීම..ඒකට කරන්න තියෙන්නේ Video ගිහින් මුලින්ම අවශ්‍ය වීඩියෝ ෆයිල් එක Open කර ගැනීම..ඊට පසුව Video මෙනු එකේම පහලින් ඇති Show hide video විධාන සක්‍රීය කර ගැනීම...මේමගින් හුගක් ලේසි වේවි මොක්ද නිතරම වීඩියෝ එකයි සබ් එකයි වචන වල තේරුමයි ගලපන්න ගියහම හුගක් වෙලාව යනවනේ..මේ ක්‍රමය නිතරම භාවිතා කර උපසිරස ලියන්න කියලා මම ඔයාලට කියන්නේ..එතකොට වැරදි අඩු පාඩුත් හුගාක් දුරට අඩු කර ගන්න පුලුවන් වේවි.. මීට අමතරව විශාල වැඩ කොටසක් ඔබට මෙමගින් කර ගන්නට පුලුවන් වේවි...පොඩ්ඩක් අතපත ගාලා බලන්න :)

අද ලොවට සරිලන හදුන්වාදීම් - ගූගල් ඩ්‍රයිව්!


ගුගල් සමාගමේ තවත් එක් වැදගත් ක්‍රියාමාර්ගයක් ලෙස ගුගල් ඩ්‍රයිව් හදුන්වන්න පුළුවන්, පසු ගිය දිනක අන්තර්ජාලය හරහා ලැබුණු නිව්ස් එකකට අනුව මාද මේ සදහා රික්වෙස්ට් එකක් දැම්මා, දවස් දෙකක් ඇතුලත ඔබේ ගිණුමට ගුගල් ඩ්‍රයිව් සම්බන්ධ කලා යැයි ඊ මේල් එකකින්ම දාලා තිබුණා. ඉතින් මමත් ලොග් වෙලා බැලුවා කොහොමද මේ ගුගල් ඩ්‍රයිව් වැඩ කාරයෙක්ද කියලා, ඇත්තටම නරක නැහැ අපි කලින් භාවිතා කල ගුගල් ඩොක්ස් සංස්කරණයේම වැඩි දියුණු කල අවස්ථාවක් විදියටයි මම නම් මේක දකින්නේ, අපේ ඊ මේල් ගිනුම හරහාම මේ සදහා සම්බන්ධ විය හැක, විශේෂ ලියාපදිංචි වීමක් අවශ්‍ය නැත.. ගුගල් ඩ්‍රයිව් සමග වැඩ කරන්න බලාගෙන ඉන්න අය පහත ලින්ක් එක ක්ලික් කරලා සම්බන්ධ වෙන්න..
https://drive.google.com/start?authuser=0#home 

මෙහිදී අපිට නොමිලයේම ගිගා බයිට් 5 ක ධාරිතාවයක් ලැබෙනවා මීට වැඩිය ධාරිතාවයක් අවශ්‍ය නම් ඒ සදහා මාසිකව මුදලක් ගෙවා අපිට ඒ ඉඩ වෙන් කරවා ගැනීමට පුළුවන. ඒත් එක්කම අපේ ජී මේල් ගිණුමේ ධාරිතාවද වැඩි වන බව සදහන් වෙනවා. වැඩි විස්තර මේන්න මේ ලින්ක් එකෙන් බලාගන්න https://www.google.com/settings/storage/?hl=en

ගූගල් ඩ්‍රයිව් තුලදී අපිට අවශ්‍ය ආකාරයට ෆයිල්ස් ෆොල්ඩර්ස් මැනේජ් කරගන්න පුළුවන් වීම තවත් එක් වාසියක්.. සඳහන් වෙන ආකාරයට මේකත් ඔය ක්ලව්ඩ් ස්ටෝරේජ් යටතටලු වැටෙන්නේ ක්ලව්ඩ් ගැන වැඩිපුර තොරතුරුවිකිපීඩියාවේ තියෙනවා හොයලා බලන්න...

මේ විතරක්ම නෙමෙයි ගූගල් ඩ්‍රයිව් වලට විවිධ අකාරයේ ෆයිල් වර්ග 30ක් පමණ හදුනාගෙන වැඩ කිරීමේ හැකියාව තියනවා.. මේ නිසා ඒ ඒ වැඩසටහන් පරිගණයේ ස්ථාපිත කර තිබීම අනිවාර්ය නොවේ. තවත් විවිධ වු විශේෂාංග රාශියක් ගූගල් ඩ්‍රයිව් තුල අන්තර්ගත වෙනවා...වැඩි විස්තර දැන ගැනීම සදහා මේ ලින්ක් එක භාවිතා කරන්න (ගූගල් ඩ්‍රයිව්)

Facebook Account එකක් Hack කරන්න පුලුවන්ද?

facebook hack ebook
මෙම ලිපියෙන් “Facebook Account එකක් Hack කරන්න පුලුවන්ද? “ කියලා eBook එකක් අපි නොමිලේම ඔබට download කරන්න ලබාදෙනවා.

නොමිලේම Download කරගත හැකි File Recovery Software

අපගේ අතින් අපේ පරිගණකයේ තිබෙන අපිට අවශ්‍යම Files වැරදීමකින් Delete වෙන්න පුළුවන්. නමුත් අපේ අතින් එහෙම delete වෙන ඕනෑම File එකක් ආපසු ලබා ගත හැකි ක්‍රම තියනවා.

දිග web පිටු වල screen shots ගැනීම.






අපිට බොහෝ වෙලාවට web පිටු වල screen shot  එකක් ගන්න ඕන උනාම බොහෝදෙනාවැඩියෙන්ම කරන්නෙ print screen key එක ඔබලා screen shot එක paint වලට හරි photoshopවලට හරි paste කරගන්න එකනෙ ඒත් එහෙම ගන්න screen shot වලදී සම්පූර්ණ පිටුවෙම screen shot එකක් ගන්න බැරි වෙනවා.
Related Posts Plugin for WordPress, Blogger...