Methsoft

ලැප්ටොප් එකට ඩොන්ගල් එක ගහල ස්මාට් ෆෝන් එකෙන් ඉන්ටනෙට් යමු...


වයි-යි තාක්ෂණය යනු රැහැන් රහිත හෙවත් වයර්ලස් ක‍්‍රමයට පරිගණක ජාල සමග හෝ අන්තර්ජාලය සමඟ සම්බන්ධ වන්නට ඇති වේගවත්ම හා දියුණුම තාක්ෂණයකි. වර්තමානයේදී ඉතාම ජනප‍්‍රිය සහ ප‍්‍රයෝනවත්ම සේවාවක් ලෙස මෙය හැදින්වීමට පුලූවන්.  වයි-යි (Wi-Fi)  යනු Wireless Fidelity යන ඉංග‍්‍රීසි වචන ඇසුරෙන් සකසා ගත් කෙටි යෙදුමකි. ස්මාර්ට් ජංගම දුරකථන, ටැබ්ලට්, හා ලැප්ටොප් වල මෙන්ම අයි පොඞ් ආදියෙහිද මෙම පහසුකම භාවිතා කිරීමට ඉඩ ලබා දී ඇත්තේ එහි ඇති වටිනාකම නිසා යැයි කීමට හැකියි. වයි ෆයි තාක්ෂණය ඔස්සේ වයි ෆයි රවුටරයක් හරහා ලබා දෙන ක්ෂුද‍්‍ර තරංග භාවිතා කොට වෙනත් වයි ෆයි පහසුකම ඇති උපාංගයකින් අන්තර්ජාලයට පිවිසීම වර්තමානයේ මින් ලබා ගන්නා ප‍්‍රධානම ප‍්‍රයෝජනය ලෙස හැදින්වීමට පුලූවන්. ඔබේ වයි ෆයි පහසුකම ඇති ලැප්ටොප් පරිගණකය රවුටරයක් භාවිතයෙන් තොරව වයි ෆයි කලාපයක් බවට පත් කර වෙනත් වයි පහසුකම සහිත උපාංග වලින් අන්තර්ජාලය භාවිතා කරන ආකාරය ගැන මෙම ලිපියෙන් ඉදිරිපත් කරනවා.


     මෙය සදහා අමතර උපාංග කිසිවක සහය අනවශ්‍ය වන අතර ඉතා කුඩා මෘදුකාංගයක් භාවිතයට ගන්නවා. එම මෘදුකාංගය මගින් ඔබේ පරිගනකය වයි ෆයි කලාපයක් බවට පත් කරන අතර ඉන් ලබා දෙන තරංග හේතුවෙන් වෙනත් උපාංගයකින් ආරක්ශිතව වයි ෆයි පහසුකම භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.
         මේ සදහා මුලින්ම පහත සබැදියෙන් ගොස් Virtual Wi-Fi router කියන කුඩා මෘදුකාංගය බාගත කරගන්න. 


මෙය බාගත කර ගැනීම සදහා විවිධ වෙබ් අඩවි තිබුණද වඩාත්ම විශ්වාස දායක සබැදියක් මෙහිදී ලබා දී තිබෙනවා. බාගත කර ගත් මෘදුකාංගය ස්ථාපනය කරගෙන එය විවෘත කරගන්න.

දැන් මෘදුකාංග අතුරු මුහුනතෙහි Network Name කියන තැනට නෙට්වර්ක් එක සදහා ලබා දිය යුතු නමත් Password කියන තැනට අකුරු 8 කට වඩා දිග පාස්වර්ඞ් එකකුත් ලබා දී Start Virtual Router කියන බට්න් එක ඔබන්න. 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...