ලැප්ටොප් පරිගණක භාවිතා කරන බොහෝ දෙනෙක් දන්නවා, වයිෆයි කනෙක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක, අද මම කතා කරන්න හිතුවේ, ලැප්ටොප් එකේ වයිෆයි කනෙක්ෂන් එකක් තිබිලත් ගෙදර වයර්ලස් රවුටර් හෝ ඇක්සස් පොයින්ට් එකක් නැතුව මොබයිල් ෆොන්ස් වගේ කෙබල් සම්බන්ධතාය හරහා ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලබාගත නොහැකි උපකරණ වලට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලබාදිය හැකි ආකාරයට ඔබගේ ලැප්ටොප් එක සෙටින්ග්ස් සකස් කරගන්නා ආකාරයයි. මේ ක්‍රමයට අනුව සකස් කරගත් වයිෆයි නෙට්වර්ක් එක හරහා තවත් පරිගණකයකට වුවද අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදිය හැක.ඇත්ත වශයෙන්ම මෙය ක්‍රියාත්මක වෙන්නේ වයිෆයි ඇක්සස් පොයින්ට් එකක් විදිහටයි!...(මෙම ක්‍රමය ඉතා පහසුවෙන් වින්ඩෝස් 7 පරිගණක මඟින් සකස් කල හැකිය)
හොදයි අපි බලමු මේ සදහා අපි අනුගමණය කල යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා
01. පලමුවෙන්ම අපි ඇක්සස් පොයින්ට් එකක් ලෙස සකස් කරන ලැප් එකට අමතරව, වෙන යම් වයිෆයි සම්බන්ධතාවය ලබාගත හැකි උපකරණයක් සොයාගත යුතුය (Mobile Phone with WiFi connection, or Laptop or desktop with WiFi enabled)
02. වින්ඩෝස් 7 භාවිතා කරලා පරිගණකය පණගන්වන්න. ඊට පසුව පහත රූප සටහන් අනුව අදාල සෙටින්ග්ස් සකස් කරගන්න...
Start --> Control Panel --> Network and Sharing Center
03. Setup new Connection --> Select Setup a Wireless ad hoc
04. Type a Network name (Ex- Home_wan)---> Select Security Type (WPA, or WPA2)---> Type a Security key ---> Save this network
05. Now you can find your new network connection on your network list
06.Enable your LAN card Internet Connection sharing
07. now you can take your next device and search for WiFi hots pot, when you search you will find the connection what we already configure, then press connect and type your security key whatever you have entered when you creating your wireless sharing point.
මෙය ඉතාමත් සරල සහ ඉක්මන් ක්‍රමයකි. අවසානයේදී ලැප්ටොප් එක ආදාරයෙන් පුංචි වයර්ලස් හොට්ස්පොට් එකක් ඔබටත් ලැබෙනු ඇත, නිවසේදී අන් අය සමග තම අන්තර්ජාල සම්බන්ධතාවය බෙදා හදාගන්න කැමති අයට මේක කදිම විසදුමකි.... ගැටළු ඇතොත් කොමෙන්ටුවකම අමුණන්න...

No comments:
Post a Comment