බොහෝමයක් නොමිලේ ලබා දෙන වීඩියෝ කන්වටර් හෝ වෘත්තීය වශයෙන් මිලදී ගන්නා මෘදුකාංගයක් මගින් යම් දිනක ඔබ වීඩියෝවක් තිබෙන ෆෝමැට් එකෙන් වෙන ෆෝමැට් එකකට පරිවර්තනය කර ඇතිවා නිසැකයි. එහෙත් වීඩියෝවක් එලෙස පරිවර්තනය කළ විට වීඩියෝවේ ප‍්‍රමාණය මෙන්ම ගුණාත්මකභාවය අඩු වීම ප‍්‍රධාන ගැටලූවක්. වීඩියෝවක් පරිවර්තනය කරන විට ගුණාත්මකභාවයට හානියක් නොකර වීඩියෝවේ ප‍්‍රමාණය පමනක් අඩු කර ගත හැකි වටිනා මෘදුකාංගයක් මෙම ලිපියෙන් ලබා දෙනවා. මෙය නොමිලේ ලබා දෙන කුඩා මෘදුකාංගයක්. නමින් මෙය HandBrake නම් වෙනවා. නිශ්පාදකයා පවසන පරිදි මෙය වින්ඩෝව්ස් හි ඕනෑම සංස්කරණයකට,Mac Operating system මෙන්ම Ubuntu සදහාද සහය දක්වනවා. පහත සබැදියෙන් අවශ්‍ය අයට නොමිලේම මෙම මෘදුකාංගය ලබා ගැනීමට පුලූවන්.
ස්ථාපනය කර ගත් පසු සැකසුම් නිවැරදිව සකසගත යුතුයි.Tools-->Option-->Output files-->Browse වලට කන්වර්ට් කරන වීඩියෝවන් සේව් වෙන්න අවශ්‍ය ස්ථානය ලබා දෙන්න. දැන් Source වලින් කන්වර්ට් කර ගැනීමට අවශ්‍ය වීඩියෝව මෘදුකාංගයට ඇතුලත් කර අවශ්‍ය නම් අලූත් නමක් ලබා දී විඩියෝවන් පරිවර්තනය කර ගැනීමට පුලූවන්.
No comments:
Post a Comment