Methsoft

පරිගණකය මන්දගාමී වෙලා නම් ස්පීඞ් කරගන්න..

පරිගණක භාවිත කරන ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි කාලයත් සමග පරිගණකය මන්දගාමී වීම.ඒ කියන්නේ පරිගණකය මිලදී ගන්න අවස්ථාවේදී තිබුණු කාර්යක්ෂමතාව ටික කලකින් නැති වී යාම.මේකට විවද හේතු බලපාන්න පුළුවන්. ඇත්තටම අන්තර්ජාලය බවිත කරන පරිගනකයක නම් අන්තර්ජාලය හරහා යම් යම් මෘදුකාංග ලබා ගන්න විට අපට අවශ්‍ය මෘදුකාංගයට අමතරව අනවශ්‍ය මෘදුකාංග අපගේ පරිගණකයේ අපට නොදැනුවත්වම ස්ථාපනය වීම සාමාන්‍ය දෙයක්. මේවා අදුනගෙන පරිගණකයෙන් ඉවත් නොකළ හොත් පරිගණකය මන්දගාමී වීමට මෙය ප‍්‍රධාන හේතුවක් වෙනවා. එනම් අනවශ්‍ය මෘදුකාංග පරිගණකයේ තිබීම පරිගණකයේ නියමිත කාර්යක්ෂමත්වෙන් තිබීමට බාධාවක් වෙනවා. ඊට අමතරව පරිගණකයේ ඇතැම් දෝෂ නිසාද පරිගණකය මන්දගාමී වෙන්න පුළුවන්.
  
   මේ කුමන ආකාරයකට හෝ මන්දගාමී වූ පරිගණකයක් නැවත කාර්යක්ෂමව ක‍්‍රියාත්මක විය හැකි ලෙස සැකසිය හැකි විවද මෘදුකාංග අන්තර්ජාලය තුල දැක ගන්නට පුළුවන්. නමුත් ආරක්ෂාකාරී හා නිවැරදිව ක‍්‍රියාත්මක වන මෘදුකාංග සොයා ගැනීම තරමක් අපහසුයි. නමුත් මෙම ලිපියෙන් හදුන්වා දෙන මෘදුකාංගය මගින් නිවැරදිව ඔබගේ පරිගණකයේ දෝෂ නිවැරදි කිරීමට භාවිත කරන්න පුළුවන්. මෙම මෘදුකාංගය Glary Utilities ලෙස හදුන්වනවා. මෙම මෘදුකාංගය සාමාන්‍ය සෙටප් වැඩසටහනක් ලෙස බාගත කරගෙන පරිගණකය තුල ස්ථාපනය කර ගන්න පුළුවන්. ඉන්පසු මෙම මෘදුකාංගයේ ලබා දී ඇති විවිද පහසුකම් මගින් ඔබගේ පරිගණකයේ දෝෂ නිවැරදි කර ගැනීමට පුළුවන්. තවද මෙම මෘදුකාංගය බවිත කර පරිගණකයේ ඇති ටෙම්පරි ෆයිල් ද ඉවත් කිරීමේ හැකියාව පවතිනවා. පහත සබැදිය මගින් මෙම වැඩසටහන බාගත කර ස්ථාපනය කරගෙන මෙම මෘදුකාංගයේ වටිනාකම බලා ගැනීමට පුලූවන්.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...