Methsoft

ලැප්ටොප් බැටරිය දිගුකල් රැක ගන්න මෙන්න උපදෙස් ටිකක්..


අපි ගෙදරට කරදර කරලා එහෙමත් නැත්නම් අමාරුවෙන් සල්ලි හොයාගෙන ගන්න ලැප්ටොප් එක පණවගේ තමයි ආරක්ෂා කරන්නේ. සමහර අයනම් දූවිල්ලක්වත් වදින්න දෙන්නේ නැතිව තමයි මේක පරිස්සම් කරන්නේ. ඒ විදියට පරිස්සම් කරන අතරේ එන ප‍්‍රශ්නයක් තමයි බැටරිය ඉක්මණට බහින කරදරේ. එහෙම වෙන එකෙන් මිදෙන්න වගේම බැටරිය දිගු කාලයක් පාවිච්චි කරන්න පුලූවන්වෙන ක‍්‍රම කීපයක් තමයි අපි කියන්න යනනේ.


ලැප්ටොප් පරිඝනකයක නිශ්පාදන වියදමින් වැඩි කොටසක් වැය වන්නේ එහි බැටරිය හා මොනිටරය වෙනුවෙනි. මේ නිසා මේ කොටස් දෙක රැුක ගැනීමෙන් ලැප්ටොප් පරිඝනකයක් භාවිතා කළ හැකි කාලය වැඩි කර ගත හැක.
මොනිටරය ක්ෂය වන්නේ ඉතා සෙමිනි. පියවි ඇසට පෙනෙන තරම් ක්ෂය වීමක් ඇති වීමට අවුරුදු ගණනාවක් ගත වේ. මේ නිසා වඩා වැදගත් වන්නේ බැටරිය රැුක ගැනීමයි. නවීන ලැප්ටොප් බැටරි ලිතියම්*අයන් වර්ගයට අයත් වේ. මෙහිදී වැදගත්ම කාරණය නම් තමුන් ලැප්ටොප් පරිඝනකයක භාවිතා කළද නොකළද එහි බැටරිය ක‍්‍රමයෙන් ක්ෂය වීම නොවැලැක්විය හැකි දෙයක් වීමයි.

මෙයට හේතුව සරලව කියන්නේ නම් ලිතියම්*අයන් බැටරිය ක‍්‍රියා කරන්නේ එක අතකට ඉලෙක්ට්‍රෝන ගමන් කරවීමෙන් හා අනෙක් අතට ලිතියම් අයන ගමන් කරවීමෙනි. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ බැටරියේ අග‍්‍ර දෙක හරහාය. ලිතියම් අයන ගමන් කරන්නේ එක්තරා ද‍්‍රව මාද්‍යයයක් හරහාය.

මෙකී ද‍්‍රවය ක‍්‍රමයෙන් ක්ෂය වී අවසානයේ ලිතියම් අයන ගමන් කළ නොහැකි තත්වයට පත් වේ. කාලය සමඟ මෙය නොවැලැක්විය හැකි දෙයකි. නමුත් මෙම ක‍්‍රියාවළිය ඉක්මන් කරවන සාධක ඇත. ඒවා ඉවත් කිරීමෙන් බැටරියේ ආයු කාලය වැඩි කළ හැක.

දෙවන කාරණය නම්, බැටරියට ආරෝපණ*විසර්ජන අවස්ථා සීමිත සංඛ්‍යාවක් පමණක් ඇති බවයි. මෙය සාමාන්‍යයෙන් 300*800 පමණ වේ. මෙහිදී ක‍්‍රමයෙන් බැටරියේ රඳවා ගත හැකි බලය අඩු වේ. මෙයද නොවැලැක්විය හැකි දෙයකි.


1. තාපය 
උෂ්ණත්වය අඩු කිරීමෙන් ආයු කාලය වැඩිවේ.
කිසිම අවස්ථාවක අධික උෂ්ණත්වයක් ඇති තැන්වල (උදා *අව්වේ ඇති වාහනයක් තුල.* නොතබන්න. බැටරියේ විසර්ජන වේගය වැඩි වන අතරම ක්ෂය වීමද වැඩිවේ.
වායු සමීකරණය කළ ස්ථාන වල භාවිතය ද ප‍්‍රයෝජනවත්ය.
ඇඳන් උඩ තබා යන්ත‍්‍රයේ තාපය ඉවත් කිරීමේ ක‍්‍රියාවළිය අඩපණ කිරීම නොකළ යුතුය.
තවත් උපක‍්‍රමයක් නම් ඔබගේ යන්ත‍්‍රය ගෘහ විදුලියෙන් පමණක් ක‍්‍රියා කළ හැකිනම් බැටරිය ගලවා ඉවත් කර එය සීතල ස්ථානයක තැබීමයි.
මෙය ලංකාවට උචිත නොවිය හැක්කේ නිතරම විසන්ධි වන විදුලිය නිසාවෙනි. (සමහර යන්ත‍්‍ර මෙසේ භාවිතා කළ නොහැක. 

2. විසර්ජනය
බැටරිය මඳ වශයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප‍්‍රතිශතය අඩුවේ.
එහෙත් එය සම්පූර්ණයෙන් විසර්ජනය වී නැවත ආරෝපණය වන විට එහි ක්ෂය වීමේ ප‍්‍රතිශතය ඉතා වැඩිය.
උදා * 100% බැටරිය විසර්ජනය කොට නැවත ආරෝපණය කරන්නේ නම් එය භාවිතා කළ හැකි වාර ගණන 500 පමණ වේ. 10% ක විසර්ජන අගයක් සඳහා මෙම වාර ගණන 4700 පමණ වේ.
මේ නිසා බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වනතුරු භාවිතා කරන වාර ගණන හැකිතාක් අඩු කළ යුතුය. පැරණි බැටරි වර්ග මෙන් ලිතියම්*අයන් බැටරි වල memory effect නම් සංසිද්ධිය නැත. මේ නිසා ඒවා කාලයෙන් කාලයට සම්පූර්ණයෙන් විසර්ජනය කිරීම ඵල රහිතය.
සමහර අවස්ථා වල ඔබගේ බැටරිය 99% පමණ ආරෝපණය වී නැවතී ඇති බවක් පෙනේ. මෙය එතරම් දරුණු තත්වයක් නොවේ. මෙහිදී බැටරිය re-calibrate කළ යුතුය.
මේ සඳහා එය සම්පූර්ණයෙන් විසර්ජනය නොකොට 20*30% පමණ වන තෙක් විසර්ජනය වීමට ඉඩදී (නැතහොත් ස්වයංක‍්‍රීයව යන්ත‍්‍රය shut down වන තෙක්* නැවත ආරෝපණය කර ගන්න.
මේ ක‍්‍රියාව කාලයෙන් කාලයට කිරීමට අවශ්‍ය නම් එය මාස 2*3 කට වරක් කරන්න.
අමතරව ලැප්ටොප් යන්ත‍්‍රයේ  power management software  එක භාවිතයට ගන්න.

3. ගබඩා කිරීම
දිගු කාලයක් ලැප්ටොප් පරිඝනකය භාවිතා නොකිරීමට සිදු වන්නේ නම් බැටරිය ගලවා සීතල වියළි ස්ථානයක් තබන්න.
මෙහිදී ආරෝපණ තත්වය 40% පමණවත් විය යුතුය. මීට වඩා අඩුවට ආරෝපණය කර තැබීමෙන් හානිය වැඩිවේ. (100% ක් ආරෝපණය නොකළ යුතුය. 40% අගය වඩාත් සුදුසු බව සොයා ගෙන ඇත*
මේ සඳහා ශීතකරණය යොදා ගත හැක. බැටරිය ගලවා හොඳින් ආවරණය කොට ශීතකරණයේ පහළ කොටසේ තබන්න.
මෙහිදී භාවිතා කිරීමට පළමු සාමාන්‍ය උෂ්ණත්වයට පත් වීමට ඉඩ දෙන්න.
මෙන්න මේ විදියට ඔයාගේ ලැප්ටොප් පරිගණකයේත් බැටරිය ආරක්ෂා කරගන්න බලන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...