Methsoft

How should you charge your laptop battery..


ලැප්ටොප් එක කියන්නෙ ජීවිතේට ගොඩක් සම්බන්ධ විද්යුත් උපකරණයක්. ඒ හෙතුවෙන්ම බොහෝ දෙනා ගොඩක් පරිස්සමින් ලැප්ටොප් එක භාවිතා කිරීමට පුරුදූව සිටිනවා. අනෙක් කාරණය ඒ සඳහා වෙළදපොලේ ඇති වටිනාකම. එම හේතුවෙන් අකමැත්තෙන් වුණත් පරිස්සම් කරන්න සිදූ වෙනවා. ලැප්ටොප් එකක් භාවිතා කරද්දී කොහොමද චාර්ජ් කළ යුත්තේ කියන කාරණය සම්බන්ධව තාම බොහෝ දෙනෙකුට නිසියාකාර අවබෝධයක් නැහැ. එම හේතුවෙන් බොහෝ දෙනා ලැප්ටොප් වල බැටරිය විනාශ කරගෙන අවසානයේ විදූලියට සම්බන්ධ කරගෙනම වැඩ කළ යුතු තත්වයට පත් කරගෙන සිටිනවා. 

1. ලැප්ටොප් එකක් ගත්ත ගමන් කොහොමද චාර්ජ් කරන්න ඕනි? 
   අලුත්ම ලැප්ටොප් එකක් මිලදී ගත් වහාම එය පැය 12 ක් වත් චාර්ජ් වීමට ඉඩ හැරිය යුතුයි. එවිට බැටරියේ ආරෝපණය විය යුතු සියලුම තැන් ආරෝපණය වීම සිදූ වේ. බැටරිය දිගු කාලීන පැවැත්මකට මෙය අත්‍යවශ්‍ය" බොහෝ දෙනා මගහරින ක්‍රියාවක් කීවොත් නිවරදියි.

2. බැටරිය කොහොමද වෙන වෙලාවල් වල චාර්ජි කරන්නෙ? 

   සාමාන්‍යයෙන් බැටරියක් නියම ආකාරයෙන් පවත්වා ගැනීමට නම් එය පරිහරණය බැටරිය අනුමත කරන ආකාරයට විය යුතුයි. බොහෝ විට ලැප්ටොප් එක භාවිතයේදී බැටරිය චාර්ජ් වීමට ඉඩ සලසා භාවිත කිරීමට හැකියාව තිබෙනවා නම් එය බැටරිය පරිස්සම් කර ගැනීමට හේතුවක් වෙනවා.

 එසේම මෙහිදී අවධාරණය කර ගත යුතු අනෙක් කරුණ වන්නේ අනවශ්‍ය ලෙස චාරජ් කිරීම නොකළ යුතුය. උදාහරණයක් ලෙස පරිගණකය භාවිතා නොකරන අවස්ථා වල බැටරිය චාර්ජ් වීමට ඉඩ හැරීම අහිතකර විය හැකිය. බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය වූ පසු ධාරාව ලබා නොගැනීමේ යාන්ත්‍රණයක් ලැප්ටොප් සතුව පැවතුනද වඩාත් යොග්‍යය වන්නේ එම ආකරයට  Over charge නොකිරීමය.

3. බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වීම සුදූසුද? 

  බොහෝ දෙනෙක්ට මේ සම්බන්ධව විවිධාකාර ගැටලු පැන නගිනවා. නමුත් මේ සදහා පිළිතුර වන්නේ සුදූසුයි නුසුදූසුයි යන දෙකම. නිරන්තරයෙන්ම බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වීම බැටරියට අහිතකර වීමට බොහෝ විට ඉඩ තිබෙනවා. නමුත් මසකට වරක් වත් ලැප්ටොප් බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වීමට ඉඩ සැලැස්විය යුතුයි. මෙය නිරන්තරව සිදූ කිරීම මගින් බැටරියේ ආයු කාලය අඩු වේ. මෙහිදී විවිධ ආරෝපිත මට්ටම් වල§ ආරෝපණය වීමට ඉඩ නොහැර මසකට වරක් වත් භූමි අවස්ථාවට පත් වීමට ඉඩ සලසයි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...