Ready Boostවින්ඩෝව්ස් 7 එක්ක හදුන්වා දුන් පහසුකමක්. වැඩි මතක ධාරිතාවයක් සහිත රැුම් එකක් නොමැති අවස්ථාවල බාහිරව සම්බන්ධ කරන පෙන් ඩ‍්‍රයිව් එකේ ධාරිතාවය පරිගණකයේ තාවකාලික මතකය ලෙස භාවිතා කිරීම Ready Boost ලෙස හදුන්වනවා. රැම් එකක් අලූතින් ගන්නවාට වඩා හැමෝම ලග තියෙන පෙන් එකෙන් ගන්න පුලූවන් වැදගත් ප‍්‍රයෝජනයක් මේක.
1.මුලින්ම පෙන් ඩ‍්‍රයිව් එක පරිගණකය සම්බන්ධ කරන්න.Auto run ඕපන් වෙනවා නම් දැන් Speed up my system තෝරන්න.
2.Auto run ඕපන් වෙන්නෙ නැත්තන් My computer හි මේ සදහා භාවිතා කරන පෙන් ඩ‍්‍රයිව් එකේ Right ක්ලික් කරලා Properties තෝරන්න.
3.විවෘත වුන වින්ඩෝව් එකේ Ready-boost කියන ටැබ් එක තෝරන්න.
4.දැන් Use the device කියන එකට ටික් එක දාල එතන පහලින් මේ සදහා යොදා ගත යුතු ධාරිතාවය තෝරා Applyකර ok කරන්න. මෙම සේවාවෙන් ඉවත් වීම සඳහා මෙම පියවරටම පැමිණ Do not use the device කියන එක තෝරලා ඇප්ලයි කරන්න.
එමෙන්ම මෙම පහසුකම භාවිතා කිරීමට විවිධ මෘදුකාංගද විවිධ සමාගම් මගින් නිපදවා තිබෙනවා. eBooster කියන්නෙ මේ සඳහා භාවිතා කළ හැකි මෘදුකාංගයක්. මෙම මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණයක් නොමිලේ භාවිතා කිරීමට පුලූවන්. මේ සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ද මෘදුකාංගයක් ලබා දෙනවා. පහත සබැදි වලින් මෙම මෘදුකාංග ලබා ගැනීමට පුලූවන්.





No comments:
Post a Comment