Methsoft

How to watch TV without data chargers..

අන්තර්ජාලය හරහා රූපවාහිනී නරඹන අයට අපූරු වාසියක් ඩයලොග් ආයතනය විසින් ලබා දෙනවා. සාමාන්යෙන් අන්තර්ජාලය හරහා රූපවාහිනී නරඹන අයට අදාල දත්ත සදහා ගෙවිය යුතු වෙනවා. එහෙත් ඩයලොග් ආයතනය ලබා දෙන මෙම My TV සේවාව ඔස්සේ දත්ත සදහා ගෙවීමකින් තොරව රූපවාහිනී නැරඹීමට හැකියාව තිබෙනවා.


   මෙය නොමිලේ ලබා දෙන සේවාව සහ මුදල් ගෙවා ලබා දෙන සේවාවකින් යුක්ත වෙනවා. නොමිලේ ලබා දෙන සේවාවන් අතරට සිංහල සේවා ද අන්තර්ගත වෙනවා. මුදල් ගෙවා ලබා ගන්නා පැකේජය වන්නේ ඩයලොග් ආයතන සැටලයිට් ක‍්‍රමයෙන් ලබා දෙන සේවාවක්. දිනකට රුපියල් 3කට ලංකාවේ නාලිකා සියල්ල නැරඹිය හැකි පැකේජය මෙහිදී ද ලබා ගැනීමට පුලූවන්. එහිදී දිනටම වැය වන්නේ රුපියල් 3 යි ශත ගණන කි. නොමිලේ භාවිතා කළ හැකි නාලිකා මේවායි.

මෙම පහසුකම භාවිතා කළ හැක්කේ ඩයලොග් පාරිභෝගිකයන්ට පමණයි. ඩයලොග් ග‍්‍රාහකයින්ට පහත සබැදියෙන් ගොස් තමන්ගේ ඊ මේල් ලිපිනය සහ අන්තර්ජාලය භාවිතා කරන ඩයලොග් අංකය ලබා දී සේවාවට ලියාපදිංචි විය හැකියි.

පසුව Free Zone වෙත පිවිස නොමිලේ ලබා දෙන නාලිකා නැරඹිමේ හැකියාව තියෙනවා.
මුදල් ගෙවා ලබා ගන්නා පැකේජය මිල දී ගැනීමට අවශ්‍ය නාලිකවක් තේරූ විට එන් පණිවිඩයෙන් අදාල සේවාව තේරිය යුතුයි. 

වෙබ් පිටුවේ ඉහළම ඇති Get Desktop shortcut බොත්තම මගින් අදාල සේවාව ඩෙස්ටොප් එකටම ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එැකැඩසිසදබ 

තව ද ගුවන් විදුලි නාලිකා ලබා දෙන සේවාවකින් ද යුක්තයි. එමෙන්ම මෙහි දී දත්ත වැය වන ආකරය පෙන්නුව ද ඒ සදහා ගාස්තු අය වීමක් හෝ දත්ත සදහා වැය වීමක් සිදුන් නොවේ. තව ද මෙය සම්පූර්ණ වශයෙන් අත් හදා බැලීමෙන් පසුව මෙම ලිපිය ඉදිරිපත් කරන අතර මෙහි සේවාවන් මේ ලිපියේ ඉදිරිපත් කරන ආකාරයටම පවතී. 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...